Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

“දාලා යන අයත් ඉන්නවා. එයාලට දාලා යන්න සාධාරණ හේතු තියෙන්න පුළුවන්…” – නයෝමි

නයෝමි තක්ෂිලා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වාදෙන්න පුළුවන්.

අද වෙද්දී සාර්ථක ව්‍යවසායිකාවක් වෙලා ඉන්න නයෝමි මේ දවස්වල රංගනයෙන්ද රසිකයින් අතරට එක්වෙලා.

මෙහෙම රංගන වැඩ කටයුතු කරනකොට ඒ අතර මෙගා ටෙලිනාට්‍යවලට හිමිවෙන්නෙත් විශේෂ තැනක්. ඔන්න රංගන ශිල්පිනියක් විදිහට ඇගේ මේ ගමන ගැන නයෝමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

නයෝමි නිරූපණය කරන බොහොමයක් චරිත ඉක්මනින් ජනප්‍රිය වෙනවා. මොකක්ද මේ රහස?
මගේ නිර්මාණයන්වල තෝරාබේරා ගැනීම වෙන්නත් පුළුවන්. ගුණාත්මක භාවය වෙන්නත් පුළුවන්. මෙය ඇත්තටම තනි පුද්ගලයකුගේ ක්‍රියාදාමයක් නෙමෙයිනේ. නාට්‍යයේ පිටපත් රචකයාගේ සිට තේ පැන් සංග්‍රහ කරන පුද්ගලයා දක්වා නාට්‍යයට රුකුලක් වෙනවා. නාට්‍යයක් සහ චරිතයක් ජනප්‍රිය වෙනවා කියන්නේ කණ්ඩායමේම ජයග්‍රහණයක්.

නයෝමි මෙගා නාට්‍යයවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?
මම මෙගා නාට්‍යයවලම ඉන්නවා කියන්නත් බැහැ. මගේ පළමු ටෙලිනාට්‍යය වුණෙ මීදුම් අම්මා. එහි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දුව විදියට රඟපෑවේ මම. අද ගොඩක් යන්නේ මෙගා නාට්‍යය. මෙගා නාට්‍යය හොඳ නැහැ කියන්න බැහැ.

අද බොහෝ කලාකරුවන් භාර ගන්නා නිර්මාණයන් තුළ ආරම්භයේ සිටියත් අවසානවන විට එහි දකින්නට නැහැ. මෙය රැල්ලක් බවට පත්වී තිබෙනවා. ඒ ගැන නයෝමිගේ අදහස කොහොමද?
සමාවෙන්න ඒ ගැනනම් මට උත්තරයක් දෙන්න බැහැ. මොකද මම වැඩ කරන්නේ මේ ක්ෂේත්‍රයේ. රංගන ශිල්පිනීනූත් මගේ. ශිල්ප ශිල්පිනියොත් මගේ. අනෙක් වැඩ කරන ශිල්ප ශිල්පිනියොත් මගේ. දාලා යන අයත් ඉන්නවා. එයාලට දාලා යන්න සාධාරණ හේතු තියෙන්න පුළුවන්. සාධාරණ හේතු නොතියෙන්න පුළුවන්. ඒ නිසා මට ඒ ගැන කාගෙවත් පැත්තක් ගන්න බැහැ.

අද කලාව ස්ථාවර නැහැ කියන මතය බොහෝ දෙනකුගේ තිබෙනවා. ඒ නිසාද නයෝමි ව්‍යාපාරයකට යොමුවුණේ ?
මට සාමාන්‍ය පරිදි කාලා බීලා ජීවත් වෙන්න මේ ක්ෂේත්‍රයේන් ලැබෙන මුදල් ප්‍රමාණය ඇති. නමුත් ඉතාමත් සැපවත් ජීවිතයකට යන්න ඒ මුදල් ප්‍රමාණය මදි. හේතුව රටේ තත්ත්වය. උදාහරණයක් විධියට හිතන්න රුපියල් දාහක් අරන් කඩේකට ගියොත් මොනවද අපිට ගන්න පුළුවන් . මට විතරක් නෙමෙයි ලංකාවේ ජීවත් වෙන හැම දෙනාටම මේ මොහොතේ රැකියාවක් දෙකක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. හේතුව රටේ ආර්ථිකය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!