Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එක අවුරුදු 10කට වඩා පරණ ද?

 

 

මේ පැරණි ශීතකරණ ඇතුළු විදුලි උපකරණ භාවිතය ගැන ඇහෙන කතාවක්…

කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළා.

“සමීක්ෂණවලදී අපට දැනගන්න ලැබුණා ලංකාවේ කාර්යක්ෂම නොවන ගෘහ උපකරණ අධික විදුලි බිල්වලට හේතුවක් බව.සාමාන්‍යයෙන් වසර 10කට වඩා භාවිතාකරන ශීතරකණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වායුසමිකරණවල. බස්නාහිර පළාතේ නිවෙස්වල තියෙන ශීතකරණවලින් තුනෙක් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි ඒකක මාසයකට 100ක් ඉක්මවා යනවා.ඒ වගේම ලංකාවට කාර්යක්ෂමතාව අඩු උපකරණ ගෙන්වීම නවත්වලා තියෙන්නේ. මේ වසර අවසන් වනවිට වායුසමිකරණ යන්ත්‍රවලටත් ඒ නීතිය දැඩි කරනවා”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!