සයුරෙන් එහා පුවත්

බ්‍රිතාන්‍යයේ රෝහල් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි !

බ්‍රිතාන්‍යයේ රෝහල් රැසක රෝගීන්ගේ ධාරිතාවය දරාගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝහල් කොරිඩෝ වල රෝගීන් මියයමින් සිටින බවත්, කාමර තුල ගැබිණි මව්වරුන් ගබ්සා වෙමින් සිටින බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

රාජකීය හෙද සංගමය එහි සාමාජික සාමාජිකාවන් 5000කට වැඩි පිරිසකගෙන් එක්රැස් කරන ලද තොරතුරු මත සිදුකර තිබූ නිවේදනයකට අනුව මෙරට රෝහල් වල ධාරිතාවය ඉක්මවා යෑම හේතුවෙන් කබඩ්, නාන කාමර, රථගාල් ඇතුළු රෝහල් භූමියේ ස්ථාන රැසක් තාවකාලිකව රෝගී සත්කාරක ස්ථාන බවට පත්කර ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට රෝහල් 20කට වැඩි ප්‍රමාණයක් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රෝහල් පුරා ස්ථාන රැසක තාවකාලිකව රෝගීන් රදවා ගත්තද ඔක්සිජන් ඇතුළු සෞඛ්‍ය උපකරණ වලට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ලගාවීමට නොහැකි වීම හේතුවෙන් රෝගී ජීවිත අවධානමට ලක්ව තිබේ.

අයහපත් දේශගුණය මෙලෙස රෝහල් වල තදබදය ශීග්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති අතර කොරිඩෝ වල පවා රෝගීන්ට ප්‍රතිකාර කිරීම එංගලන්තයේ සාමාන්‍යකරණය වෙමින් පවතින බව වෛද්‍යවරු චෝදනා කරනවා.

බ්‍රිතාන්‍ය රජය විසින්ද පවතින තත්වය යහපත් නොවන බව පිලිගන්නා නමුත් සෞඛ්‍ය සේවා වෙත ප්‍රමාණවත් ආයෝජනයක් කර නොමැති බවට ඔවුන් පසුගිය රජයට දොස් නගමින් සිටින අතර බ්‍රිතාන්‍යයේ පවතින සෞඛ්‍ය ක්‍රමය අනුව රෝහලට ඇතුලත්වන රෝගියෙකුට ඇදක් ලබාදීම පිලිගත් ක්‍රමය වේ.

රෝහල් කොරිඩෝ වල තබාගෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවීම ඔවුන්ට සිදුකරන මහත් අගෞරවයක් ලෙස සලකයි. එමෙන්ම පසුගිය දින වල හදිසි ප්‍රථිකාර සේවා වල රෝගීන් පැය 54කට අධික කාලයක් රෝගීන් ප්‍රථිකාර බලාපොරොත්තුවෙන් රැදී සිට ඇති බවයි.

Thilan Jayasekara

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!