Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

හේමාල්ට ලක්ෂ 40ක් ගෙවනවා කියලා මට කිව්වෙ, ‘වයිෆ්’ ෆිල්ම් එකේ සමීර නාඔටුන්න’ ”ඒකෙන් මුළු රටම හේමාල්ගෙ ගාණත් දැනගත්තනෙ..

‘හේමාල්ට ලක්ෂ 40ක් ගෙවනවා කියලා මට කිව්වෙ, ‘වයිෆ්’ ෆිල්ම් එකේ සමීර නාඔටුන්න” ”ඒකෙන් මුළු රටම හේමාල්ගෙ ගාණත් දැනගත්තනෙ”
චිත්රපට නිෂ්පාදක සුනිල් ටී ප්රනාන්දු කළ ප්රකාශයක් ගෙවුණු දිනවල වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.
ඒ, ඔහු ජනප්රිය රංගන ශිල්පි හේමාල් රණසිංහගේ අයකිරීම් සම්බන්ධයෙන් කළ ප්රකාශයක්.
මේ කතාව ගැන මෑතකදී යළි ඔහු කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීයි….
”මං හේමාල් එක්ක කිසිම අමනාපයක් නෑ. මං හොඳට දන්නවා අඳුරනවා.
මම ෆිල්ම් එක්කට කතා කළා, ‘හවුස් ෆුල්’ එකට එන්න කියලා. එයා කිව්වා දින නෑ එන්න විදියක් නෑ.. එතකොට ගණන් ගැන අපි කතා කළේ නෑ.
ඔය සමීර නාඔටුන්න ‘වයිෆ්’,, එයා තමයි මට කිව්වෙ ලොක්කා දැන් අපි හේමාල්ට ලක්ෂ 40ක් ගෙවනවා කියලා.
මම ඕසිඅයිසී සම්මාන උළෙලට ගිහින් ගෙදර යන්න එනකොට ගර්ල් කෙනෙක් මාව ඉන්ටර්ව් කළා.
එතනදි මම කිව්වා දැන් හේමාල්ලා වගේ අය ලක්ෂ 40ක් ගන්නකොට අපිට අමාරුයිනෙ, නිළියට අපි කීයක් දෙන්නද කියලා.
ඒ කතාව හයිලයිට් වුණා කියන්නෙ වෛරල් වුණා…
ඒකෙන් මුළු රටම හේමාල්ගෙ ගාණත් දැනගත්තනෙ.
රන්ජන් මාත් එක්ක වැඩ කරනවා ඕනි තරම්. රන්ජන් මගේ ෆිල්ම් 15ක විතර වැඩ කරලා ඇති. කවදාවත් අපි ගණන් කතා කරලා වැඩ කරපු අය නෙවෙයි. ජීවනුත් එහෙමයි. විජෙත් එහෙමයි. විජය free of charge ෆිල්ම් දෙකටම ඇක්ට් කළේ.
මම පේමන්ට්ස් ගෙව්වෙ නැත්නම් මට ෆිල්ම් 75ක් කරන්න පුළුවන්ද. ලංකාවේ ඉන්න හැම නලුවෙක් නිළියක්ම මාත් එක්ක ඇක්ට් කරලා තියනවා…”
උපුටාගැනීම : Hari Tv සමඟ කළ කතාබහක් ඇසුරින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!