Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

බීමතින් රිය පැදෙව්වොත් වෙන වැඩේ මෙන්න !

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12 කාලයක්සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බවපොලීසිය දැනුම්දෙනවා.

එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉකුත් පැය 24 තුළ ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු දැනුම් දෙමින් පොලීසිය මේබව නිවේදනය කළා.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 395 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වූ 2024-12-25 වන දින සිට මේ දක්වා කාලය තුල බීමත් රියදුරන් 949 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂරථවාහන මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් 20වනදා සිටයි.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!