Uncategorized

තරුණ පිරිස මේ ගැන නොසැලකිලිමත්ද..? නැතිනම් දරුවෝ හදන්න ඒ අය මැලිවෙන්නේ ඇයි..? මෙරට උපත් අනුපාතිකය ගැන ඇසෙන මේ කතාව මෙන්න.

 

තරුණ පිරිසට මෙහෙම වෙන්න හේතුව මොකක්ද..?

මේ කියන්න යන්නේ අනාගත තරුණ පරපුරට තර්ජනයක් විය හැකි යමක් ගැන ඇසෙන කතාවක්..

මෙරට උපත් අනුපාතිකය ගැන මේ ඇසෙන්නේ කලකට පස්සේ වෙනස්ම ආරංචියක්..

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළ වැටී ඇති අතර, වර්තමානයේ මෙරට උපත් අනුපාතිකය 1.9ක් වන අතර එය පැවතිය යුත්තේ 2.1 අගයකින් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් වාර්තාව පවසනවා..

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමග කළ සාකච්ඡාවලදී ඊට සහභාගි වූ බහුතරයක් පවුලක් ගොඩනැගීමට කැමැත්තක් දක්වන නමුත්, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් එලෙස නොකරන බව පවසා තිබෙනවා..

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුලී අඩෙනියි පැවසුවේ ශ්‍රී ලංකාවේ ජීවන වියදම පසුගිය වසර කිහිපය තුළ දෙගුණයක් වී ඇති බවයි..

මේ නිසා නිවාස සඳහා දැරීමට වන වියදම, ආහාර සඳහා යන වියදම ද ඉහළ ගොස් ඇති බවත් එම නිසා තරුණ පිරිස් පවුලක් ගොඩනැගීමට බලාපොරොත්තුවක් තිබුණ ද එය තාවකාලිකව නවතා ඇති බවත් ඔහු පැවසුවා..

මෙරට දරුවන් ලැබිය හැකි වයසේ පසු වන වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 20%ක් විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇතැයි යන්න බව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය කරගෙන තිබෙනවා..

දිවයින පුවත්පත..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!