Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

දරුවන් රැක බලා යහමග යැව්වාය.. අම්මා මළ පසුව ඔබ මට අම්මාය..” ඔහුගේ හිත නිවූ ඇය වෙනුවෙන් ආදරණීය සටහනක්..

 

ඔහු අපේ ගායන අඹරේ දිදුලන තරුවක්.. ජගත් වික්‍රමසිංහ..

මේ ප්‍රවීණ කලාකරුවා අද වෙද්දී ගොඩක් ලස්සන ජීවිතයක් ගත කරනවා..

කලාවත් ජීවිතයත් සමබර ගෙනියන ඔහුට තමන්ගේ බිරිඳගෙන් ලැබෙනවා ඇත්තේ පුදුමාකාර විදිහක ශක්තියක්..

ආදරය උතුරන ඒ ආදරණීය කැදැල්ලේ අම්මා වුණු ඇයට මේ නම් ගොඩක් විශේෂ දවසක්.. තමන්ගේ බිරිඳට පුදුම තරම් ආදරේ කරන මේ ආදරණීය කලාකරුවා ඇය වෙනුවෙන් මෙන්න මේ වගේ උපන්දින සුබ පැතුමක් එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

ජගත් වික්‍රමසිංහ විසින් තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් මුහුණුපොතට එක් කළ සටහනයිි මේ..

“මගේ ආදරණීය ගයානි..
අද ඔයාගේ උපන්දිනය..
අපි විවාහ උනාට පස්සේ මේ සමරන විසිපස්වෙනි උපන්දිනය.. හැම අතින්ම වාසනාව සැනසීම ආදරය පිරුනු කැදැල්ලකට , උණුසුම දුන්න ඔයා.. මගේ පැටව් තුන් දෙනාගේ ආදරණීය අම්මා..
මගේ ආදරණීය චූටිඅම්මාට නිදුක් නීරෝගී , දීඝායු , යසස , කීර්තිය ලබන්නට සුභාසිරි පැතුම්… අප්පච්චී…
සෙනෙහස් විලෙන් දිය දෝතක් පෙව්වාය..
ළඟ හිඳ ලෙඩ දුකට උවටැන් කෙරුවාය..
දරුවන් රැක බලා යහමග යැව්වාය..
අම්මා මළ පසුව ඔබ මට අම්මාය..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!