අම්පාර – ඉගිනියාගල මාර්ගයේ මෝටර් රථයක් ඇළට වැටී හිමිනමක හා සෙබළෙකු ම.රුට

අම්පාර – ඉගිනියාගල මාර්ගයේ මෝටර් රථයක් ඇළට වැටී හිමිනමක හා සෙබළෙකු ම.රුට

අම්පාර – ඉගිනියාගල ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත හන්දිය ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සේනානායක සමුද්‍රයේ ප්‍රධාන වම් ඉවුරු ඇලට පෙරළීමෙන් සිදුවූ බිහිසුණු රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28) රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, රථය ඇලට වැටීමත් සමඟ එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් යොදා රථය තුළ සිරවී සිටි පිරිස ගොඩට ගෙන ඉගිනියාගල රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

 

 

 

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය තුළ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ ගිහි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, එම ගිහි පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ත්‍රිකුණාමලය කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන වැඩිමහල් සොහොයුරා විසින් මෙම මෝටර් රථය පදවාගෙන පැමිණ ඇති අතර ඔහු අතින් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර වාවින්න විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය වාවින්න සුනන්ද හිමි සහ රථය පදවාගෙන පැමිණි යුද හමුදා සෙබළා වන චන්දිම ලක්මාල් යන දෙදෙනායි.  වැඩිමහල් සහෝදරයා එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වාවින්න පන්සලට යමින් තිබූ වාහනයේ  දිවි ගලවාගත් සහෝදරයා මුලින් ඉගිනියාගල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරුකර යවා ඇත.
මියගිය සෙබළා සහ භික්ෂූන් වහන්සේගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර ඉගිනියාගල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 

 

සිදුවීමට අදාළ ඡායාරූප මෙැනින් click here

Photo Collage

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *