Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පුතේ කොහේ ගියාද?” ඥාති සහෝදරයා සමඟ දිය නෑ රුවන්ට අත්වුණු ඉරණම නිසා කැලණිය සරසවියම කම්පනයක..

පානදුර මුහුදු වෙරළෙන් අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වනවා. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු දිය නෑමට ගොස් රළ පහරකට හසුව අතුරුදන් වීමේ පුවතයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ බුත්තල, යුදඟනාව ප්‍රදේශයේ පදිංචිව සිටි, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ ඉගෙනුම ලැබූ රුවන් යාපා නමැති 24 හැවිරිදි තරුණයායි. ඊයේ (02) පස්වරුවේ සිය ඥාති පවුලක සාමාජිකයන් පස් දෙනෙකු සමඟ පානදුර මුහුදු වෙරළට පැමිණි රුවන්, සිය ඥාති සොහොයුරෙකු සමඟ මුහුදේ දිය නාමින් සිට තිබෙනවා. එහිදී එක්වරම පැමිණි ප්‍රබල රළ පහරකට හසුව ඔහු මුහුද දෙසට ඇදී ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය වූ මොහොතේ සිටම අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ වූ අතර, අද උදෑසන වන විටත් පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් එක්ව පානදුර මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණා. තම දරුවා උපාධිය ලබාගෙන නිවසට එනතුරු බලා සිටි මව්පියන්ට මෙන්ම ඔහුගේ සරසවි මිතුරන්ට ද මෙම පුවත අදහාගත නොහැකි කම්පනයක් වී තිබෙනවා. පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!