Uncategorized

මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයත් ඉන්න ද රු ණු ලෙඩක අවධානමක…

යකඩ ඌණතාවය, රක්තහීනතාවයේ එක් පොදු ප්‍රභේදයක් විදිහට හඳුනාගන්න පුළුවන්. ශරීරයේ පටක වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට ප්‍රමාණවත් රතු රුධිර සෛල ප්‍රමාණයක් නොතිබීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස සඳහන් වෙනවා.

අපේ ශරීරයේ ප්‍රමාණවත් යකඩ ප්‍රතිශතයක් නොමැති වූ විට ශරීරයට අවශ්‍ය කරන ප්‍රමාණයට හිමෝග්ලොබින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය රතු රුධිරාණු නිපදවීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා යකඩ ඌණතාවය සහ රතු රුධිර සෛල වල හිඟබව පිළිබඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්.

පටක වලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබී යාම නිසා හුස්ම ගැනීමේ අපහසුව පවා ඇතිවෙන්න ඉඩකඩ ඇති නිසා ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීම ගැන අපි වඩාත් සැළකිලිමත් විය යුතුමයි.

විශේෂයෙන්ම බාහිරින් ලබාගන්න ප්‍රතිකාර සහ ආහාර මඟින් මේ තත්වය කළමණාකරණය කරගන්න හැකියාව ඇති නිසා ඔබේ වෛද්‍යවරයාගේ නිතිපතා උපදෙස් ලබා ගනිමින් මේ තත්වයෙන් පහසුවෙන්ම මිදීමේ හැකියාව ඔබට තියෙනවා.

ඒ නිසා, අපි අද යකඩ ඌණතාවය ඇති බවට ඔබට පෙන්වන සළකුණු මොනවද කියල හඳුනාගමු.
යේ යකඩ ඌණතාවය ඇතිවීමේ අවධානමක් ඇතිවෙන්න පුළුවන්.

නමුත්, මේ යකඩ ඌණතාවය රක්තහීනතාවයක් දක්වා වර්ධනය වීමේදී ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ ඉස්මතු වී පෙනීම ආරම්භ වෙනවා.

මේ රෝග ලක්ෂණ අතර,
අධික තෙහෙට්ටුව
සම සහ ඇස් සුදුමැලි වීම
අත් පා සීතල වීම
කැපීපෙනෙන ලෙස හිසකෙස් වැටීම
දිව සිනිඳු වීම, ඉදිමීම සහ වේදනාවක් ඇතිවීම
කටේ වණ ඇතිවීම,
කටේ දැවිල්ල සහ තුවාල ඇතිවීම,
වියළි සහ තුවාල සහ කටේ කෙළවර රතු පැහැති තත්වයන් ඇතිවීම

උපුටා ගැනීම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!