දේශීය පුවත්

මිරිස් මෝලකින් අරඹා ලොවක් ජයගත් ෆ්‍රීලන් නිර්මාතෘ දැයෙන් සමුගනියි..

මිරිස් මෝලකින් අරඹා ලොවක් ජයගත් ෆ්රීලන් නිර්මාතෘ දැයෙන් සමුගනියි…
මාතර ෆ්රීලන් එන්ටප්රයිසස් පුද්ගලික සමාගමේ නිර්මාතෘ හා සභාපති අභාවප්රාප්ත ලැනී බී ගමගේ මහතාගේ අවසන් කටයුතු පසුගිය ඔක්තෝබර් 28දා සවස 3.00 ට මාතර උයන්වත්ත ක්රිඩාංගනයේ දී සිදු කෙරිණි.
කොලඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් 26 දා උදෑසන අභාවප්රාප්ත වු ඒ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
මාතර ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කල ලැනී බී ගමගේ මහතා මිය යන විට 84 වැනි වියේ පසු විය.
1984 වර්ෂයේ දී මාතර බතුතා පාරේ පිහිටි කුඩා මිරිස් මෝලකින් සිය ව්යාපාරික ජීවිතය ආරම්භ කල ඒ මහතා මෙරට කුළුබඩු ව්යාපාරය ෆ්රීලන් නමින් නව මාවතකට ගෙන ඒමට සමත් වු දක්ෂ ව්යාපාරිකයෙකු විය.
මාතර නාවිමන හා වැලිගම උඩුකාව ප්රදේශයේ කර්මාන්ත ශාලා දෙකකින් ෆ්රීලන් නිෂ්පාදන සිදු කරන අතර අද වන විට එම සමාගමේ සේවක සේවිකාවන් දහසකට අධික පිරිසක් සේවය කරති.දිවයින පුරා අලෙවි ශාඛා 50 කට අධික ප්රමාණයක් හා බෙදාහැරීම් නියෝජිතයින් 200 කට අධික පිරිසක් ද විසිරි සිටී.
මෙරට පමණක් නොව ෆ්රීලන් නිෂ්පාදන අද වන වීට විදේශීය රටවල් 10 කට පමණ අපනයනය කරමින් ජාත්යන්තර වෙලද පොල ද ජය ගැනීමට ලැනී බී ගමගේ මහතාට හැකියාව ලැබුණි.
2002 වසරේ දී සමාගමක් ලෙස ලියාපදිංචි කල ෆ්රීලන් ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස ඒ මහතාගේ බිරිද යූ.බී.ජී.යසවතී,දියණියන් වන යශෝධා ජයමිණී,තනෝජා සුජීවනී යන මහත්මීන් ද බෑණා වන බී.ජී.ජයරත්න මහතා ද කටයුතු කරති.
2022 වසරේ දී ලංකා කර්මාන්ත අමාත්යාංශය සංවිධානය කල ජනාධිපති සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයට හිමි ක්රිස්ටල් සම්මානය ද ඉකුත් 23 වැනිදා කොලඹ දී පැවැත්වු ශ්රී ලංකා කර්මාන්ත මණ්ඩලයේ කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන උළෙලේ දී මහා පරිමාණ අංශය සදහා වු ක්රිස්ටල් සම්මානය ද දිනා ගැනීමට ලැනී ගමගේ මහතාගේ නායකත්වයෙන් යුත් ෆ්රීලන් සමාගම සමත් විය.
මීට වසර 41 කට පෙරදී කුඩා වෙලදසැලක් ආරම්භ කොට පාපැදියක් මාතර නගරය පුරා කුළුබඩු නිෂ්පාදනය ආරම්භ කොට අද වන විට මෙරට පමණක් නොව ජාත්යන්තරය දක්වා ද ෆ්රීලන් සන්නාමය රැගෙන ගිය ලැනී බී ගමගේ මහතාගේ දේහය නාවිමන පිහිටි සිය නිවසේ තැන්පත් කර තැබිණි.
ඔක්තෝබර් 28දා සවස 2.00 ට දර්ශනීය රිය පෙරහැරකින් එම දේහය නිවසේ සිට ආදාහන කටයුතු සදහා මාතර උයන්වත්ත ක්රිඩාංගනය වෙත රැගෙන ගිය අතර සිය ගණනකගේ සහභාගිත්වයෙන් අවමංගල්යය සිදුකෙරිණි..
ක්රිෂාන් ජීවක ජයරුක්..
උපුටාගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!