සුව අරණ

මෙච්චර කල් අපි මේ රහස දැනගෙන හිටියේ නැහැ නේද ? දෙළුම් ගෙඩියක් ඇතුළේ හැංගිලා තියෙන මහා බලගතු හාස්කම මෙන්න!

අලුත් අවුරුද්දක් ලබනකොට හැමෝම හොයන්නේ සෞභාග්‍යය සහ නිරෝගීකම නේද? අන්න ඒ නිසාම අද අපි ඔබව දැනුවත් කරන්නේ අපේ ගෙවතුවල තියෙන, හැබැයි ගොඩක් දෙනෙක් නියම ගුණය දන්නේ නැති “දෙළුම්” වල තියෙන හාස්කම් ගැනයි.

පුරාණ ආයුර්වේද පොත්පත්වල “දාඩිම” කියලා හඳුන්වන දෙළුම්, පලතුරකට වඩා මහා බලගතු ඖෂධයක් කියලා ඔබ දන්නවාද?
ඔව්! දෙළුම් ගසක් නිවස ඉදිරිපිට සිටුවීමෙන් සෞභාග්‍යය උදාවන බවට අතීතයේ ඉඳලම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම දෙළුම් ගෙඩියක් ඇතුළේ ඇට විශාල ප්‍රමාණයක් තියෙන නිසා තමයි මේකට විද්‍යාත්මකව ‘Granatum’ කියන නම ලැබිලා තියෙන්නේ.
දෙළුම් වලට බඩේ පණුවන් නසන්න පුළුවන් පුදුම බලයක් තියෙනවා. මේ ගැන පැරණි පැපිරස් ලේඛනවල පවා සඳහන් වෙලා තියෙනවා. අද වෙනකොට විද්‍යාත්මක පර්යේෂණ වලිනුත් මේ “ක්‍රිමිනාශක” ගුණය සනාථ වෙලා ඉවරයි.
ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හදවත නිරෝගී කරන්න දෙළුම් තරම් පලතුරක් තවත් නැති තරම්. ලේ අඩු අයට සහ ලේ පිරිසිදු කරගන්න ඕන අයට දෙළුම් යුෂ කියන්නේ අමෘතයක් වගෙයි.දෙළුම් ලෙලි පුළුස්සා කුඩු කරලා දත් මැද්දොත් ඔබේ දත් මුල් පුදුම විදියට ශක්තිමත් වෙනවා. ඇස් දැවිල්ලට සහ ඇස් රතු වීමට දෙළුම් කොළ තම්බා ඇස සේදීමෙන් ක්ෂණික සහනයක් ලැබෙනවා. පොඩි දරුවන්ට සෙම වැඩි වුණාම දෙළුම් මල් කැකුළු එළු කිරිවලින් අඹරා දීම අතීතයේ ඉඳන් එන සාර්ථක ප්‍රතිකාරයක්.
අප්‍රිකාව, ඉරානය සහ ඉන්දියාවේ වැඩියෙන් වැවෙන දෙළුම්, ලංකාවේ නම් වියළි කලාපයේ හරිම සරුයි. අධික ශීත ප්‍රදේශ වල නම් මේවා ටිකක් දුර්ලභයි.
දෙළුම් වල පංචාංගයම (ගෙඩිය, ලෙලි, යුෂ, කොළ, මුල් සහ මල්) බෙහෙත් හදන්න ගන්නවා. පැණි රස දෙළුම් වගේම ඇඹුල් රස දෙළුම් කියලත් වර්ග කිහිපයක්ම තියෙනවා.

ඉතින්, අලුත් අවුරුද්දේ ලෙඩ නැතුව සතුටින් ඉන්න නම් දෙළුම් වලට ඔබේ කෑම මේසයේ අනිවාර්යයෙන්ම ඉඩක් වෙන් කරන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!