Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හැටන් පොලිසියේ යාචකයින් පිරිසිඳු කරන ව්‍යාපෘතියක්..

හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැල සමග එක්ව කොන්ඩය සහ රැවුල කපා උණුවතුරෙන් නාවා අලුත් ඇදුම් පැළදුම් ලබා දී ඔවුන්ට දිවා ආහාරයද ලබා දෙනු ලැබ ඇත.

හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුන්දර් රාජ් යන මහතුන් විසින් මෙම සත්කාරය සිදු කරනු ලැබූහ.

හැටන් නගරයේ සැරිසරන අයිතිකරුවන් සිටින යාචකයන්ව අධිකරණය හරහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!