Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පල්ලමේ අධික වේගයෙන් ආ ත්‍රී රොද රථය වංගුවකින් ගුවන්ගතවී විශාල ප‍්‍රපාතයකට ඈද වැටේ..

කදපොළ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 235ක ප්‍රපාතයෙන් වූ ඇළ මාර්ගයකට පෙරලීමෙන් එම ත්‍රී රොද රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රොහල වෙත (02) දින ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.

පස්වරු 2:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය කිරිමැටිය හරහා හැටන් මාර්ගයේ නානුඔය ක්ලාන්ටන් වත්ත ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයෙන් වූ ඇළ මාර්ගය පෙරලී ඇති බවත්, ත්‍රීරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි රියදුරා පමණක් ගමන් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී අති බව අනතුර පිලිබද පරික්ෂන පවත්වන නානුඔය පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.

රංජිත් රාජපක්ෂ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!