“මේක දිග කතාවක්..” අවුරුදු 17කට පස්සේ මව දුටු පොඩි දුව ඇය වෙනුවෙන් සංවේදී සටහනක් තබයි..

ඒත් අද ඔන්න අවුරුදු 17කට පස්සේ චතූට ලෝබ නැතුව හිනාවෙන්න පුළුවන් දවසක් උදා වෙලා.. චතූ රාජපක්ෂ, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
චතූගේ ජීවිතයේ තිබුණු ලොකුම හිස්තැනක් ඔන්න අවුරුදු 17කට පස්සේ සම්පූර්ණ වෙලා. මෙන්න බලන්නකෝ ඇයගේ ආදරණීය අම්මා ලංකාවට ආව සතුටත් එක්ක චතූ එක්කරලා තිබුණ ඒ ආදරණිය සටහන..
“මේක දිග කතාවක්..
ඒත් කෙටියෙන් කියන්නම්.. හරියටම අවුරුදු 17කට පස්සේ තමයි අපි අපේ අම්මව මේ විදියට දකින්නේ. අම්මා ළග නැතුව අපි දරාගත්ත දේවල් හරි ගොඩයි.
අම්මා රට ගියේ අපි වෙනුවෙන්. එයා අවුරුදු 17ක් තනියම රටකට වෙලා දුක්වින්දේ අපිව සතුටින් තියන්න..
මේ මොහොත එනකන් මං අවුරුදු ගානක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා.. අපි මතක ඇතිකාලෙක එක ගෙදරක ජීවත්වෙලා නෑ..
කොහොමහරි අද ඒ දවස උදාවුනා…
අම්මේ ඔයා නැතුව මං හරි අමාරුවෙන් හිතේ ගොඩාක් දේවල් තියාගෙන හිටියා ඔයාට කියන්න… දැන් මටත් පුළුවන් මගේ අම්මත් එක්ක මගේ ජීවිතේ දුක සතුට හැමදෙයක්ම බෙදාගන්න..
මං හිනාවෙලා හිටියට මට මගේ ජීවිතේ කවුරු හිටියත් අම්මා නැති අඩුව මට හැමදාම දැනුනා..ආයි කවදාවත් මට ඒක දැනෙන එකක් නෑ..මං මේ ආව ගමන දුෂ්කර වුනාට හරිම පරිස්සමෙන් හරි ලස්සනට ආව ගමනක් කියලා අම්මත් එක්ක තේ එකක් බොද්දී කතාකරන්න දැන් මට පුළුවන්..
ඉතිං අමාරුවෙන් දරාගෙන හිටපු හැමදේම දැන් මට ඉස්සරහට දරාගන්න අමාරුවෙන එකක් නෑ..මොන දේ මොන විදියට සිද්දවුනත් මං දන්නවා මං හිත හයිය ශක්තිමත් කෙනෙක් කියලා..
ඉතිං ඉස්සර සමහර පුංචි පුංචි දේවල් වලට මට රිදුනානම් දැන් ඒවා මට ගානක්වත් නැතිවෙයි..
මොකද දැන් මටම කියලා මාව දරාගන්න කෙනෙක් ඉන්නවා..
අම්මේ.. ඔයා දුක් විදපු කාලේ ඉවරයි..
දැන් ඔයා රැජිණක් වගේ ඉන්න.. ඔයාව බලාගන්න මං ඉන්නවා..”









