Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජනපති කාර්යාලය අසල විරෝධතාවට උසාවියෙන් තහනම් නියෝගයක්.. දෙදෙනෙක් අත්අඩංගුවට!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම නිදහස ලබාදෙන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන සංඝ විරෝධතාවය මේ වන විට දැඩි නීතිමය සහ උණුසුම් මාවතකට හැරී තිබෙනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැඳී සිටිමින් ගෙන යන මෙම විරෝධතාව පාලනය කිරීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විශේෂ තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට ඇතුළුවීම මෙන්ම අවට පදික වේදිකා අවහිර කිරීමද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. උලපනේ හිමියන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පොලිසිය මෙම තහනම් නියෝගය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණ නියෝග නිකුත් වෙද්දී, අනෙක් පසින් මෙම විරෝධතාවට සහයෝගය පළ කිරීමට පැමිණි තවත් පාර්ශ්වයකට පොලිස් දැල එළා තිබෙනවා. නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කිසිදු බලපත්‍රයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු නඩු භාණ්ඩද සමඟින් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වුණා.

ඊයේ (15) රාත්‍රී 10.00 ත් 10.10 ත් අතර කාලයේදී කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් විසින් One Galle Face සාප්පු සංකීර්ණයේ ඇතුළුවීමේ දොරටුව අසලදී සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. මෙලෙස කොටුවී ඇත්තේ පංචිකාවත්ත පාරේ පදිංචි 61 හැවිරිදි අයෙක් සහ හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

ඔවුන් සතුව තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර 2ක්, ඇම්ප්ලිෆයර් එකක්, මයික්‍රෆෝනයක් මෙන්ම මේ සඳහා රැගෙන ආ කුඩා ලොරි රථයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම ලොරි රථය තුළ විරෝධතාකරුවන් වෙනුවෙන් රැගෙන ආ විශාල වතුර බෝතල් තොගයක් සහ කුඩ රැසක්ද ගබඩා කර තිබීමයි.

කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරුලපන පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!