තරු ගොසිප්

සංගීත ප්‍රසංගයකට මෙච්චර ජන ගඟක්.. වාර්තා අලුත් කල ලේඩි ගාගා… ජන ගඟ දැක්කොත් හිතාගන්න බැරි වෙයි

මේ කියන්න යන්නේ ලොව එතෙක් මෙතෙක් වැඩිම ජනකායක් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් ගැන ඇසෙන කතාවක්…

ලෝක ප්‍රකට අමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගාගේ ප්‍රසංගයක් ගැන තමයි මේ විදිහට ලෝකයම අද කතා වෙන්නේ කියලා ඔබ දැනගෙන හිටියාද..?

අමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගා පසුගිය දවසක බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වූ සංගීත ප්‍රසංගයක් මෙලෙස වාර්තාපොත් අතරට එක්වෙලා තිබුණා.. එම ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වූවක්..

රියෝද ජැනයිරෝ නුවර කෝපාකබානා මුහුදු වෙරළේ පසුගිය 4 වැනිදා පැවැත්වූ සංගීත ප්‍රසංගයට ලක්ෂ 26කට ආසන්න ජනකායක් පැමිණි බවට, එම ප්‍රසංගය සංවිධාන කළ සමාගම තහවුරු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

“Mayhem” නමැති සිය නවතම ගීත ඇල්බමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලේඩි ගාගා මේ ප්‍රසංග මාලාව ලොව පුරා සිය රසිකයින්ට සමීප කරනවා..

මේ ප්‍රසංගයත් සමග සුපිරි පොප් ගායිකා මැඩෝනාට හිමිවූ වාර්තාවක්ද පොප් ගායිකා ලේඩි ගාගා බිඳ දැමීමට සමත්වීම විශේෂත්වයක්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!