BBC, CNN, Zoom ඇතුළු ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවි 200කට සයිබර් ප්‍රහාරයක්… ඔබේ පෞද්ගලික තොරතුරුත් අනතුරේද? අන්තර්ජාලය භාවිත කරන අයටත් අනතුරු ඇඟවීමක් !

අද වන විට අන්තර්ජාලය කියන්නේ අපේ එදිනෙදා ජීවිතයෙන් වෙන් කරන්න බැරි දෙයක්.
පුවත් කියවන්න, මුදල් ගනුදෙනු කරන්න, රැකියා කටයුතු කරගන්න වගේම විවිධ සේවාවන් ලබාගන්නත් අපි නිතරම වෙබ් අඩවිවලට පිවිසෙනවා.
හැබැයි මේ විදිහට අපි විශ්වාසයෙන් පිවිසෙන ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසක්ම මේ වන විට සයිබර් ආරක්ෂණ අවදානමකට මුහුණ දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව BBC, CNN, Zoom, HSBC, Salesforce සහ Equifax ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 200කට ආසන්න ප්‍රමාණයකට හැකර්වරුන් විසින් අනිෂ්ට කේත (Malicious Code) ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වයත් සමඟ අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම මූල්‍ය තොරතුරු ද සොරකම් කිරීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සහ වෙනත් මූල්‍ය ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට මෙවැනි සයිබර් තර්ජන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි සයිබර් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.
අපි දිනපතා භාවිත කරන ප්‍රසිද්ධ වෙබ් අඩවි පවා මෙවැනි අවදානමකට ලක්විය හැකි නම්, අන්තර්ජාලය භාවිත කිරීමේදී කොතරම් සැලකිලිමත් විය යුතුද යන්න මේ සිදුවීමෙන් නැවතත් පැහැදිලි වෙනවා.
ඒ නිසා නොදන්නා සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වළකින්න, සැක සහිත වෙබ් පිටුවලට පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් නොකරන්න. ඔබේ අන්තර්ජාල ආරක්ෂාව ගැනත් වෙනදාට වඩා සැලකිලිමත් වන්න.



