තරු ගොසිප්

අපේ රටට තවත් ලෝක ජයග්‍රහණයක්.. ලෝක සම්මානයක් හිමිකරගත් පලමු හෙද නිලධාරිනිය… ආඩම්බරයි නේද ?

ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය ”ලෝක සම්මානයක් හිමි කර ගත් ප්‍රථම හෙද නිලධාරිනිය” බවට පත්ව තිබෙනවා.

ඒ ලෝකයේ රටවල් 52 ක නියෝජිතයන් පිරිසක් සහභාගීත්වයෙන් ඉකුත් 28 වැනිදින ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ට්‍රැවිස් හෝටලයේ දී පැවති ලෝක සාම සමුළුවේ දී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය වෙත ( King Sany Wijaya International Award ) සම්මානය හිමිවිය.

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු වන කළාවේදිනී ජානකී හිල් , ආචාර්ය අයි.වයි.එම්.අනීෆ් සහ අජිත් ආරියරත්න ද මෙම සමුළුවේ දී සම්මානයට බදුන් වී තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව තුළ දිගු කාළීන සිදු කළ සමාජ සේවා කටයුතු අගය කිරීම සදහා මෙම සම්මාන ඔවුන් වෙත ලබා දී තිබුණි.

මොවුන්ට ඉන්දුනීසියාවේ සැනී විජය රජතුමාගේ 95 වැනි උපන් දින උත්සවය ලෝකයේ ආරාධිත රාජතාන්ත්‍රිකයන් 2,500 කගේ සහභාගීත්වයෙන්, මෙම ලෝක සමුළුවට සමගාමිව පවත්වා තිබූ අතර , ඒ සදහා ද මෙම ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා හිමි වී තිබුණි

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!