දේශීය පුවත්
“දොර ගාව හිටියොත් නම් බලන්නේ නෑ.. කාවවත් බලන්නේ නැහැ..” රෝහල ඇතුලේ ඇයට තවත් රාජකාරියක්ද..?

වෘත්තිය ඇතුලේ මොන තරම් සංයමක්, වගේම හික්මීමක් තියෙන්න ඕනද..? ඒත් අවසානයේ ඒ ගැන ඇසෙන්නේ වෙනස් විදිහක කතාවක්..
ඒ කතාව ඇසෙන්නේ කොළඹ ජාතික රෝහල පැත්තෙන්.. කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියකුව වෛද්‍යවරියක විසින් නොසැලකිලිමත් ලෙස සලකන බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා..
ජාතික රෝහලේ 14 වන වාට්ටුවට අදාළ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයට පැමිණ රෝගියා දොර අසල සිටියදී “මම කාවවත් බලන්නේ නැහැ. දොර ගාව හිටියොත් නම් බලන්නේ නෑ.. ඔක්කොම ලෙඩ්ඩුන් ඉන්නේ” ලෙස උස්හඬින් එම වෛද්‍යවරිය කෑගසන අයුරි මේ වීඩියෝව තුළ දැකගන්න ලැබෙනවා..



