Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්

‘ ඔහු ඒ 100 ගහනකොට අප්පුඩියක් ගහන්න ඔයාලා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා නම් ඒක ගොඩාක් වටිනවා.’ ලසිත් මාලිංග දිමුත් වෙනුවෙන් කතා කරයි

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ වීඩියෝවක් පළ කර තිබෙනවා..

හෙට (06) ආරම්භ වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතව ඇතැයි පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රචාර දක්වමින් ලසිත් මාලිංග මෙම වීඩියෝව සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා..

මාලිංග එහි සදහන් කර ඇත්තේ දිමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ ඔහුගේ හොඳම කාලයේ දී වන බවයි..

ඒ අනුව ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා ඇත්තේ දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාවට එරෙහිය හෙට ආරම්භවන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සදහා ගාල්ල ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසයි..

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්න සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීමට විශේෂත්වයක්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!