දේශීය පුවත්

පොලිතින් වලින් බත් බැඳපු කාලේ ඉවරයි. මෙන්න රජයෙන් අලුත්ම වැඩක්… ඇත්තටම ඒක නම් අගයන්න වටිනවා..

බොහෝ දෙනෙක් දැන් කෑම පාර්සල් කරන්න හුරු වෙලා ඉන්නේ මෙන්න මෙහෙම නේ.. ඒත් දැන් ඔන්න ඒ තත්වය වෙනස් වෙන්නයි යන්නේ..

මේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..

කෑම පාර්සල් කිරීම සඳහා භාවිතා කරන පොලිතින් වෙනුවට පඳම් කළ කෙසෙල් කොළ භාවිතා කිරීමේ සැලසුමක් පවතිනවා.. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මේ බව පැවසුවා..

ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය කෙසෙල් කොළ සකස් කිරීමට පියවර ගනු ලබන අතර, සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4.00කට මිලදී ගන්නා බවයි ඔවුන් පවසන්නේ.. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් දෙහිවල පිහිටි සිය කර්මාන්ත ශාලාවක ඇති බවත් ඔවුන් පවසනවා.. කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ..

ඒ අනුව සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4.00කට මිලදී ගන්නා බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පැවසුවා..

ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රයක් දෙහිවල පිහිටි සිය කර්මාන්ත ශාලාවක ඇති බවත් පවසන්නේ..

කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද සඳහන් කරනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!