Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

දෙවියනේ මෙහෙමත් මිනිස්සු.. ගුරුවරුන් පිරිසකට මහ මගදී වුනු බිහිසුණු ඇබැද්දිය…

ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බලහත්කාරයෙන් මග නවත්වා මැර ප්‍රහාරයක් එල්ලෙකොට තිබෙනවා.

කිළිනොච්චියේ සිට යාපනයට යමින් සිටි බස් රථය පලෙයි ප්‍රදේශයේදී නවත්වා අද (18) පහර දීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

පහර දීම නිසා බස් රථයේ සිටි ගුරුවරුන් 04 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මැරයින් ඉවක් බවක් නතිව බස් රථය තුළ සිටි ගුරුවරුන්ට පහර දෙන්නට පටන් ගැනීමත් සමගම ගුරුවරියන් මහා හඩින් කෑ ගසා තිබෙනවා.

ඒ ශබ්ධය ඇසී එම ස්ථානයට ගම්මුන් පිරිසක් පැමිණි නිසා පහර දීම නවතා දැමූ පිරිස යතුරුපැදිවල නැගී පලා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

පිරිස හිස්වැසුම් පැළද සිටීම නිසා ඔවුන්ව හදුනා ගැනීමට බස් රථයේ සිටි ගුරුවරුන්ට නොහැකි වී ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියට පිළිබදව පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!