Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

මහ උන් කරන වැරදි වලට අහිංසක දරුවෝ මොනවා කරන්නද ? මිද්දෙණිය ඛේදවාචකයේ නවතම තත්ත්වය මෙන්න…

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැත්තා සිය මුහුණු පොතේ ජීවිතක්ෂයට පත් වීමට දින තුනකට පෙර තැබූ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතිනවා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ “ඈත පේන මරනෙ ගැන හිතන්නෙ නැතුව. ළඟ තියන ජීවිතය ගැන හිතලා සතුටින් ඉදපල්ලා..(නොහැක්කක් නොමැත.)” යනුවෙන්.

මිය ගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත.

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී ඔහුගේ දියණිය සහ පුත්‍රයාද ඔහු සමග යතුරුපැදියේ ගමන් කර තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දියණිය සහ පුත්‍රයාද බරපතළ තුවාල ලබා ඇති අතර 6 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
අනතුරුව ඉන් වෙඩි වැදුනු ඔහුගේ පුතාද මරණයට පත් වී ඇත.

පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!