තරු ගොසිප්

සමහර දේවල් සිද්ධ වෙන්නේ හිතන්නෙවත් නැති විදිහට… මං පිස්සෙක් වගේ කැතටම ඉන්න වෙලාවක මගේ මලයාලි ක්‍රෂ් එක මූණටම හම්බ වුනා…

Dulquer Salman කියන්නේ වර්තමානයේ සිනමා ලෝකයට උමතුවක් වෙච්චි දක්ෂ නළුවෙක්..!

ඉතිං මේ ජනප්‍රිය නළුවා එක්ක කතා කරන්න ලැබෙනවා කියන්නෙත් එයාගේ ෆෑන් කෙනෙක්ට හරියට හීනයක් වගේ…

ඒ අපූරු හීනේ අහම්ඹෙකින් සැබෑ කරගන්න අපේ ලංකාවේ ෆෑන් කෙනෙක්ට පසුගියදා පුළුවන් වුනා.

ඈ තමයි දුලාංජනි බලගොඩගේ..!
ඇය එවෙලේම ඇගේ මුහුණු පොතේ ලිපියක් පල කර සිටියේ මෙහෙමයි.

සමහර දේවල් සිද්ධ වෙන්නෙ හිතන්නෙවත් නැති විදියට. මං පිස්සෙක් වගෙ කැතටම ඉන්න වෙලාවක මගෙ මලයාලි Crush එක මගෙ මූණටම හම්බ උනාම මට හැසිරෙන විදිය හිතාගන්න බැරි උනා. ඒ වෙලාවෙ මගේ අත වෙව්ලන එක කොච්චරක්ද කියනවනම් මට සෙල්ෆි එකක් ගන්නවත් බැරි උනා. මං මෝඩයෙක් වගෙ ඉන්නකොට එයා Be Relax Girl කිව්වා.
මේක නම් මේ අවුරුද්දේ වෙච්ච සතුටුම මොහොතක්. ආයෙ ආයෙත් දිගින් දිගටම ලකී බාස්කර් බල බල ඉන්න වෙලාවකම ලකී බාස්කර්ව හමු වෙන එක. ඇත්තමයි මට නම් හීනයක් මේක
මං මුලින්ම DQ ව අදුරගත්තෙ කාලී බලලා. තාමත් DQගෙ Film හොය හොය බලනවා. මේක නම් පිස්සුවක්.
වේව්ලන ගමන් හෑල්ලක් ලිව්වමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!