Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රටේ නීතිය කාටත් එකයි. අධිවේගයේ බස් නැවැත්වූ මාලිමාවේ අයටත් බලන් හිටපු පොලිසියේ අයටත් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා. – ජනපති සහතික වෙයි

ජාතික ජන බලවේගයේ මැයි දිනයට පැමිණි පිරිසක් බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවත්වා අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝණය කළ පිරිසට පමණක් නොව, නොව එම අවස්ථාවේ එම සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරීනට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු අවධාරණය කළේ මේ අකාරයෙන් කටයුතු සිදුවිය යුතු නැති බවය. මේ වනවිට එම බස් රථ ලේඛනය සහ එම බස් රථ භාරව සිටි සංවිධායකවරුන්ගේ ලයිස්තුවක් තමන් ගෙන්වාගෙන ඇති බවත් රටේ නීතියට අනුව ඒ ගැන කටයුතු කරනවා පමණක් නොව පක්ෂය තුළත් මේ පිරිස සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වුනේ ය.

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකලේ දෙරණ 360 දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ පොලිසිය බලා සිටිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මේ සිදුකළේ කුමක් ද යන්නත් රජය පොරොන්දු වූ සිස්ටම් චේන්ජ් එක දැන් කොතැනක ද යන්නත් විමසූ විට ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වැරැද්දක් වී ඇති බවත් වැරැද්දට නීතියෙන් කටයුතු කරන බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!