Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

රටක් ආදරේ කරන රොන් සොයා ටෙලියේ සීනි බෝලේ පලමු වරට හෙලිකල රහස මෙන්න.

ලස්සන සීනිබෝලේ ගැන දැන් හැමෝම වගේ දන්නවානේ…

හිරු ටීවි එකේ රොන් සොයා ඩ්‍රාමා එක බලන සේරම මේ ලස්සන සුරංගනාවියට ආදරෙයි… එයා හරිම කියුට්… ඉතිං අද අපේ කතාබහ වෙන් වුනේ මේ ලස්සන රෝස මල එක්ක….

සම්පූර්ණ නම මොකක්ද?

රස්දි කවීර්ණා වන්නිආරච්චි

ඔයාගේ අලුත් විස්තර මොනවද? මේ දවස්වල මොනාද කරන්නේ?

මේ දවස්වල අවුරුදු නිසා අවුරුද්දට commercial වලට ගියා… ඒ නිසා මේ ටිකේ ටිකක් බිසී උනා… ඊට පස්සේ අවුරුද්දට ගමේ ආවා… දැන් ආයෙමත් 19 වෙනිදා රොන් සොයා teledrama එකේ ෂූටින් අපිට පටන් ගන්නවා. ඒකත් එක්ක තමා වැඩ කරන්නේ…

ඔයාගේ ගම කොහෙද පවුලෙ කවුද ඉන්නේ?

මගේ ගම මාතර…මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි…

ඔයාගේ අනාගතය කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ?

මගේ බලාපොරොත්තුව තිබුණේ මගේ ස්ටඩීස් වලට විදේශගත වෙන්න…දැනට රොන් සොයා ඩ්‍රාම එකත් එක්ක වැඩ කරනවා…

ඔයා කැමතිම විලාසිතාව මොකක්ද?

මම අඳින්න කැමතිම ටිකක් ඕව සයිස් ඇඳුම්…ලොකු ටී ෂර්ට්…පෑන්ට්ස්… හැබැයි දැන් ඉතින් සමහර වැඩත් එක්ක මම කැමති විදිහටම අඳින්න බැහැ. මොකද ඒ වැඩත් එක්ක ගැලපෙන්නේ නැති නිසා…ඒත් ඉතින් මං අඳින්න කැමතිම පෑන්ට් එකයි ඕව සයිස් ටී ෂර්ට් එකයි

ඔයා ගැන අපි නොදන්න මොනවා හරි රහසක් කියන්න ?

විශේෂ ගතිගුණයක් කියන්නේ මං හරිම ඕවතින්කින් …. ඒ කියන්නේ මට කවුරුහරි දෙයක් පොඩි දෙයක් කිව්වත්…ඒ දේ ගැන සෑහෙන්න හිතනවා…කවුරුහරි මගේ වීඩියෝ එකකට හිනාවෙන පොඩි ඉමෝජි එකක් දැම්මත්…ඒක ගැනත් මං සමහර දවසට දවසක් කල්පනා කරනවා..ගොඩක් දුක හිතෙනවා අර ඒ වගේ…ඒ කියන්නේ ගොඩක්ම දේවල් ගැන මම හිතනවා

ඔයා මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන්නේ කාටද?
අම්මට….

ඔයා කන්න කැමතිම කෑම මොනාද?

මං කන්න කැමතිම අයිස්ක්‍රීම්

ඔයාට උයන්න පුළුවන්ද ?

අනේ බෑ ඉතින් උයන්න නම්…. මට ඔය නූඩ්ල්ස් එකක් එහෙම හදාගන්න පුළුවන්….

ඔයාට ඔයාගේ ජීවිතේ අත්‍යවශ්‍යම දේවල් තුනක් කියන්න?

වටිනම දේවල් තුන එක මගේ පවුල දෙක මගේ හීන, අනිත් එක ගෞරවනීය චරිතයක් විදියට සමාජයේ ජීවත්වීම

ඔයාට රඟපාද්දී මුහුණ දෙන්න සිදු වෙච්ච අමතක නොවෙන සිදුවීමක් කියන්න ?

අමතක නොවන සිදුවීම රොන් සොයා ඩ්‍රාමා එකේ පළවෙනි ෂොට් එකේම තිබ්බේ ශිරෝශී අක්කටයි මටයි බයික් එකේ යන්න…එයාට බයික් පදින්න බැහැ…ඒක ලොකු අභියෝගයක් වුණා…කොහොමත් එයා මාව පිටිපස්සෙ තියාගෙන තමයි..ඒක පුරුදු වුණෙත්…ඒ අභියෝගයට අපි දෙන්නා කොහොම හරි මූණ දුන්නා…ඉතිං ඒක අමතක වෙන්නෙ නැහැ කවදාවත්…මොකද එයාට බයික් පදින්නත් බැහැ… drama එකේ පළවෙනිම ෂොට් එකේ තිබුණේ බයික් එකේ යන එකක්නේ…අදටත් අපි දෙන්නා මතක් කර කර හිනාවෙනවා…එක තමා අමතක නොවනම දේ….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!