දේශීය පුවත්

සබර සරසවියේ සිද්ධියට අදාල සිසුන් ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඒ සිද්ධිය ගැන අදටත් බොහෝ දෙනා කතා වෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි..

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි නියෝග කළා…

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ…

ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණා..

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවයි..

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!