දේශීය පුවත්

ආරුක්කු නමයේ පාලමේ රූගත කල ඉන්දීය චිත්‍රපටිය ගැන ඇසෙන කතාව මෙන්න

පසුගිය කාලයේ මෙරට ඇල්ල – දෙමෝදර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය භාවිතා කරමින් රූගත කිරීම් සිදු කළ ඉන්දියානු චිත්‍රපටයක් ගැන බොහෝ කතා බහට ලක් වූවා ඔබට මතක ඇති.

‘Mirai: Super Yodha’ නැමැති එම ඉන්දියානු තෙළිඟු සිනමාපටයේ එක් සටන් ජවනිකාවක් රූගත කළේ දෙමෝදර ආරුක්කු නමයේ පාලම මතයි.

ඉතින්, මෙම චිත්‍රපටය මෙම වසරේ සැප්තැම්බර් 05 වන දින සිට ලොව පුරා තිරගත වීමට නියමිත බව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ ‘people media factory’ නම් ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගම නිවේදනය කොට තිබෙනවා.

මේ වන විට ‘Mirai’ චිත්‍රපටයේ ප්‍රථම පූරව ප්‍රචාරක පටය නිකුත් කොට ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආරුක්කු නමය පාලම සහ ඒ අවට රූගත කළ දර්ශන රැසක්ම දැකගන්න පුලුවන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!