Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රටම කැළඹු ක්ලබ් වසන්තගේ බිරිඳ දැන් ගෙවන ජීවිතය මෙන්න..!

පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා..

සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා

දින, සති, මාස ගණන් කරමින් සි‍යලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේපුවත්, මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ පළවෙලා තිබුණා..

පසුගිය ජූලි 8 වැනිදා,  අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන දැන්සුවය ලබමින් ඉන්නවා.. කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය ගැන විවිධ තොරතුරු අසන්නට ලැබුණත්, පවුලේ අය නම් පිළිබඳව තරම් තොරතුරු ලබාදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ..

කොහොම වුණත් ආගමික කටයුතුවලට ගොඩක් ලැදි ඇය දැන් සුවය ලබමින් සිටින අතරතුරදී ගිලන්පස පූජාවක් සිදුකරන අවස්ථාවක්ගැන සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණා.. ඉතින් අපිත් ඇයට ඉක්මන් සුව පතනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!