දේශීය පුවත්

මාව රෙකෝඩ් කරන්න එපා කියලා..” ඩිජිටල් මාරයාට කොටු වුණු සුරූපිනියගේ කඳුළු කතාව.. ෆෝන් එකේ තවත් තරුණියන්ගේ වීඩියෝ ගොන්නක්..

අලුයම මහා පාන්දර පොලිස් ස්ථානයට පැමිණි ඒ සුරූපී තරුණිය දෙස පොලිස් නිලධාරීන් පවා බැලුවේ මවිතයෙන්.

ඇය නිකම්ම කෙල්ලෙක් නෙවෙයි, සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න “හිට්” වුණු චරිතයක්.

ඒත් එදා ඇය ආවේ ලස්සනට හැඩවෙලා නෙවෙයි, රෑ පුරාම අඬලා ඉදිමුණු දෑසින් සහ හදවත පලා යන වේදනාවකින්.

ඇය අම්මා සමඟ පොලිසියට ආවේ දිගු පැමිණිල්ලක් අරගෙන.

ඇය පැමිණිල්ල ලියා අවසන් වුවත් පොලිසියෙන් යන්න කැමති වුණේ නැහැ.

“සර්.. මට ගෙදර යන්න බෑ මේකට විසඳුමක් ලැබෙනකන්” ඇය ඉකිගසමින් පැවසුවා.

ඒ වෙනකොටත් ඇගේ අතිශය පෞද්ගලික වීඩියෝවක් අසභ්‍ය වෙබ් අඩවිවල සහ ෆේස්බුක් පිටුවල ලැව්ගින්නක් සේ පැතිර යමින් තිබුණා.

“මම මගේ ඇඟ පෙන්නුවේ එයාට විතරයි සර්..”ඇය පොලිසියට හෙළි කළේ හදවත පලා යන කතාවක්. “සර්.. මං මගේ ඇඟ පෙන්නුවේ එයාට විතරයි.. මම ඇඳුම ගළවන්න කලිනුත් කිව්වා මාව රෙකෝඩ් කරන්න එපා කියලා.. මම එයාව ඒ තරම් විශ්වාස කළා. ඒත් මටත් නොදැන එයා මාව හොරෙන් රෙකෝඩ් කරලා..”

ඇගේ පෙම්වතා තවත් තරුණියක් සමඟ ලිංගික ගනුදෙනු පවත්වන බව ඇයට අතටම අසු වී තිබුණා.

එයින් පසු ඇය සම්බන්ධය නතර කළත්, මේ නීච පුද්ගලයා ඇයට වද දී ඇත්තේ නැවත තමා ළඟට එන ලෙසයි.

ඇය එය ප්‍රතික්ෂේප කළ විට, ඔහු ඇයව “බ්ලැක්මේල්” කරන්න පටන් ගත්තා.

තමා සතු රහස් වීඩියෝ අන්තර්ජාලයට දමන බව කියමින් ඇයව බිය ගැන්වූ ඔහු, අන්තිමේදී ඇගේ වීඩියෝව මුලින්ම යවා තිබුණේ ඇගේම අම්මාටයි.

“එයා වීඩියෝ එක මුලින්ම යැව්වේ අම්මට.. මම හිතුවේ අම්මා මාව මරයි කියලා. ඒත් අම්මා මාව බදාගෙන ඇඬුවා විතරයි සර්.. මගේ හිත හැදුවා. එයාමයි කිව්වේ අපි දැන්ම පොලිසියට යමු කියලා..” තමන්ගේ දියණියගේ පෞද්ගලිකත්වය ලොවටම පෙනෙද්දී, ඇයව කොන් නොකර පපුවට තුරුළු කරගත් ඒ අම්මා නිසා අද ඒ තරුණිය ජීවිතය බේරාගෙන තිබෙනවා.

පොලිසිය වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිසිය පවා පුදුමයට පත් වුණා.

ඔහුගේ ගැලරිය පුරාම සිටියේ විවිධ තරුණියන්ගේ වීඩියෝ සහ ඡායාරූප. ඔහු කාලයක් තිස්සේ කර ඇත්තේ තරුණියන් රවටා, ඔවුන්ගේ වීඩියෝ රහසින් ලබාගෙන, පසුව ඒවා පෙන්වා බ්ලැක්මේල් කරමින් හෝටල් කාමරවලට ගෙන්වා ගැනීම.

විශ්වාසය කියන දේ ඩිජිටල් කැමරාවක් ඉදිරියේ තබන්න එපා. අද ඔබේ පෙම්වතා හෙට ඔබේ දරුණුම හතුරා විය හැකියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!