තරු ගොසිප්

මතකයන් සමග ජීවත් වෙන ඇය ඔහු නැතුව ගෙවූ පලමු අලුත් අවුරුද්ද ගැන තැබූ සංවේදී සටහන මෙන්න.

නොදන්නා කෙනෙක් නැති තරම්…ඇගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.

ඒත් තවමත් ඇය ඉන්නේ ඇගේ සැමියාගේ වෙන්වීම නිසා ගොඩක් දුකෙන් වගේම කණගාටුවෙන්..

සැමියා වුණු වසන්ත පෙරේරාගේ මතකයන් එක්ක ඇය ජිවිතය මුහුණ දෙන්න උත්සහ කරනවා… ඉතින් ඇය සංවේදී සතනක් ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණා… ඒ මෙන්න මෙහෙමයි….

ඔයා නැතුව ගෙවන පලමු අලුත් අවුරුද්ද මගේ රත්තරන්,අපේ මහ ගෙදර ගිය අවුරුද්ද මතකයට නැගෙන විට හිත වාවන්නේ නැ,ඔයාගේ හඩ දෝංකාර දෙනවා වගේ,ඒ හයිය දෙන්න මගේ පවුලත් සමග දැන් හිත හදාගෙන සතුටින් හිනා වෙලා ඉන්නවා,ඔයාලා හැමෝගෙම ආශිර්වාදයෙන්.ඔයාලා හැමෝටම බෙහෙවින් පින්
නදි නංගි ආවා එකට ගොඩාක් සතුටුයි
මගේ රත්තරන් ලොකු නංගි ඉක්මනට එන්න අක්කාව බලන්න

ඇය තවත් මතක පින්තූරයක් සමඟ මේ වගේ සටහනක් එකතු කරලා තිබුණා…

සුන්දර monaco (Monticalo) වල ගත් පින්තුරයක්
අවුරුදු 2 ට පෙර
මතකයන් බොහොමයි මතක හැර
යාමට නොහැකි
උතුම් වු සද්ධර්මයේ ආනුභාවෙන් නිවනින් නිවන ලබා විශ්වයේ කෙලවරටම ගිහින් පින් ලබා ගෙන සසර නිමා කරගන්න.
හැකි අයුරන් පින් කරන්නම්,

අවසානයේ දුකකදී කරදරයකදී පිහිටට ඉතුරු වුණු පවුලේ අයගේ පින්තූරත් ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!