Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ඒක නම් අපූරු අත්දැකීමක් වේවි… නානුඔයේදි දුම්රිය කාමරයක රැයක්…

සංචාරයට කැමති ඔයාටයි මේ සුබ ආරංච්ය.

නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථාපිත කර ඇති “Odyssey Camper” NANUOYA දුම්රියේ තමයි මේ විදියට රාත්‍රියක් ගත කරන්න ශ්‍රී ලංකා දුම්රිය සේවය ළඟදීම අවස්ථාව හිමිකර දී තියෙන්නේ.

දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.

B&B ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකියාව පවතිනවා.

දැනට එක කාමරයක් රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇති බව සදහන්.

සංචාරයේ යෙදෙන ඔබට වගේම මධුසමය ගත කරන්නට යන ඔබටත් ළඟදීම මේ අවස්ථාව හිමිකර ගන්න පුළුවන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!