Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ඉතිහාසයේ විශාලතම ලැව් ගින්නකින් ඇවිලෙන ලොස් ඇන්ජලිස් ඛේදවාචකයේ නවතම තත්ත්වය දැනගන්න කැමතිද?

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රදේශ කිහිපයක තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවතිනවා.

අධික වියළි කාළගුණය සහ පවතින සුළං හේතුවෙන් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් මේ වන විට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ලැව්ගිනි සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට තවමත් හැකි වී නැහැ.

පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ මෙතෙක් ඇති වූ විශාලතම ගින්න මෙය බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගොඩනැගිලි 1,000 කට අධික සංඛ්‍යාවක් විනාශ වී ගොසින්.

හොලිවුඩයට ඉහළින් පිහිටි හොලිවුඩ් කඳුකර ප්‍රදේශයේද ඉකුත් බදාදා ගිනි හටගත් අතර එය පාලනය කිරීමට හැකි වී තිබෙනවා.

විශ්ලේෂකයින් පවසන්නේ ලොස් ඇන්ජලිස් ලැව්ගිනි සඳහා දේශගුණික විපර්යාස බලපෑම් ද එල්ල වී ඇති බවයි.

මෑත වසරවල කලාපයේ පාරිසරික තත්වයන් අතර සිදුව ඇති වෙනස්වීම් ලැව්ගිනි හටගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වීමට ‍හේතු වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හමුවේ 179,000 කට අධික පිරිසක් අවදානම් ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!