Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

බම්බලපිටිය පොලිසියේ වහලයත් හිළඟෙ යයි

කොළඹ ප්‍රදේශයට  (29) රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහලය ගලවාගෙන ගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ තිස්ස භට නිවාසය, ගැමුණු භට නිවාසය හා රථවාහන නිලධාරීන්ගේ භට නිවාසයේ වහලයේ සීට් ගැලවී හානි සිදුවි ඇති බව ද පොලිසිය කියයි.

බම්බලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන ගාල් කරන ස්ථානය අසල තිබූ තේක්ක ගසක අත්තක් ද පොලිස් ස්ථානයට ප්‍රවිශ්ඨ වන මාර්ගයට කඩා වැටී තිබූ අතර මේවන ‌විට එය ඉවත් කර ඇති බව ද පොලිසිය කියයි.

අපරාධ විමර්ශන අංශයේ වහලය ගලවාගෙන යාම හේතුවෙන් ලිපි ලේඛන කිසිවකට හානි සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් හානි සිදුවූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීහු කඩිනමින් කටයුතු කළහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!