දේශීය පුවත්
අගලවත්ත, රිදිවිට ඇල්ල අයිනේ එදා දහස් ගණනක් සර්ප විෂෙන් ජීවිතය ඉල්ලගෙන ආපු ඒ පින්බිම අද මළානික වෙලා..

“අගලවත්ත, රිදිවිට ඇල්ල අයිනේ එදා දහස් ගණනක් සර්ප විෂෙන් ජීවිතය ඉල්ලගෙන ආපු ඒ පින්බිම අද මළානික වෙලා.

සීයගෙන් පස්සෙත් වැඩියෙන් සතයක්වත් බලාපොරොත්තු නොවී, ‘මගේ රෝගීන් මට සම්පතක්’ කියලා හිතපු ඒ මෘදු දෑත් අද සදහටම සීතල වෙලා.
ලොකු රෝහල්වල දොස්තර මහත්තුරුන්ටත් ‘බෑ’ කියපු තැන, තමන්ගේ හිතේ හයියෙන් සහ පාරම්පරික වෙදකමේ බලයෙන් දහස් ගණනක් මරණයෙන් මුදවගත්ත අපේ ‘චූටි වෙද නෝනේ’… ඔබ මරණයෙන් මිනිස්සුන්ව බේරගත්තත්, මාරයා ඔබට අනුකම්පා කළේ නෑ.

සල්ලි පස්සේ දුවන ලෝකෙක, මනුස්සකම රුපියලට වඩා වටිනවා කියලා පෙන්නපු ඒ උදාර චරිතය අද මතකයක් විතරයි. වෙද මැදුර පුරාම අද තියෙන්නේ පාලුව විතරයි වෙද නෝනේ.
ඔයා කරපු ඒ මහා පුණ්යකර්මයම ඔබට නිවන් මඟ විවර කරයි.
දහස් ගණනකගේ ඇස්වල කඳුළු පිසදා, අද මුළු රටකම ඇස්වලට කඳුළක් දී නික්ම ගිය ඔබට, අමා මහා නිවන් සුව අත්වේවා! 
“



