සියලු වැඩ අතරේ පවුලට මුල්තැන දෙන ඇය, මල්ලිව පුදුම කරන්න ගිය ගමනක්.. ලෝචනා දුටු සහෝදරයා ඒ මොහොතේ සංවේදී වෙයි..

සහෝදර බැඳීම කියන්නේ මේ ලෝකයේ නොවෙනස් ආදරයක්.
ඒ නිසාම වෙන්න ඇති ඔවුන් දෙදෙනාට එදා දවස මේ තරම් විශේෂ වෙන්න ඇත්තේ..
ලෝචනා ඉසුරින්දි, ඇය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ පහේ හපනුන්ට ඇය ලබාදුන් ගුරුහරුකම් නිසයි.
ඒ වගේමයි ඇය අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්ද වෙනවා.
තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් සමබරව කරගෙන යන ඇය පවුලට ලබාදෙන්නෙත් ඉහළ තැනක්.
ලෝචනාට මේ දවස ගොඩක් විශේෂ ඇති. ඒ තමන්ගේ සහෝදරයෙකුගේ ජීවිතයට එදා ගොඩක් විශේෂ වූ නිසා. ඔහුත් නොසිතූ නිමේෂයක ලෝචනා ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවයට ඇවිත්, මෙය කිසිම මොහොතක ඔහු අපේක්ෂා නොකළ පැමිණීමක් නිසාමද කොහේදෝ ලෝචනා ඒ මොහොතේ ගොඩක් සංවේදී වෙලා.
මෙන්න බලන්නකෝ ඒ ආදරණීය දවස ගැන ඇය තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
“මගේ අලි පැටියගේ graduation එකට ගියා නොකියාම…
තියෙන උසම සෙරෙප්පු දෙක දාගෙන ගියේ මල්ලි හයේ හතර පොරක් නිසා.. ඒත් ඒ ගානට මට උස්ස යන්න බැරි වුණා”




