Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පොල් ගස් 50000ක් පමණ විනාශයි.. රේන්ද මකුණන් නිසා විනාශවන පොල් ගස් ගැන ඇසෙන ආරංචිය මෙන්න.

ලංකාවේ පොල් ගස් දේශීයව මෙන්ම විශේෂීය වශයෙන්ද විශාල ලාභයක් උපයන ශාකයක්.

ඒත් නැවතත් පොල්ගසට වැළඳී ඇති රෝගයක් ගැන කතාවක් ඇසෙන්නේ දකුණු පලාතෙන්.

මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක්වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් පන්දහසක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

‘වැලිගම වික්ට්’ නමින් හැඳින්වෙන මෙම රෝගය ‘රේන්ද මකුණා’ යන නාමයෙන් ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියකු මගින් පැතිරෙන බව මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6250 ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසන්නේ.

මෙම රෝගය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙලෙස පොල් ගස් විනාශ කිරීමට පියවරගෙන ඇති අතර මෙම රෝගය ඉන්දුනීසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බවයි ඔහු පැවසුවේ.

(දිවයින පුවත්පත ඇසුරෙන්)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!