දේශීය පුවත්

විද්‍යා දැරියගේ සිද්ධියට අදලා ප්‍රධාන සැකකරු මුදා හැරිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වැඩ වරදී ..

විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුල් අවස්ථාවේදී මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

වව්නියාව මහාධිකරණය විසින් (20) මෙම නියෝගය ලබාදී ඇත.

මීට අමතරව ලලිත් ජයසිංහ මහතාට රුපියල් 50,000ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කර තිබේ.

යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා 2015 වසරේ වසරේදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබීය.

එම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!