Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සුදු පාවඩ උඩින් බිරිඳගේ කර මතින් හැමෝම සංවේදී කරමින් සමාජ ක්‍රියාකාරි ඩෑන් අවසන් ගමන් ගියේ මෙහෙමයි.

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ දේහය අද භූමදාන කෙරුණා.

ඒ කොලොන්නාව, පොදු සුසාන භූමියේදී.

ඊට පෙර දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබූ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා.

පසුව දේහය කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ රැගෙන ආ අතර අද උදෑසනත් දේහයට අවසන් ගෞරව දැක්වීමට පිරිස පැමිණියා.

අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය කොලොන්නාව පොදු සුසාන භූමිය වෙත අද පස්වරුවේ රැගෙන ගියා.

අනතුරුව ආගමික වතාවත් සිදුකෙරුණේ සුසාන භූමියේ පිහිටි ශාලාවේයි.

දේහය භූමදාන කිරීම සිදුවුණේ ඉන් අනතුරුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!