මට ඒ ආදරේ නොඅඩුව ලැබෙනවා..? ඒ කියන්නේ ඇය පෙම්වතියක්ද..? රිදී තිරයට පෑයූ අලුත්ම පුන්සඳ, අනුෂ්කි කී කතාව මෙන්න..

මේ දෙන්නා කවුද කියලා එකපාරටම අඳුරගන්න සමහර අයට නම් අමාරුයි.
එහෙම කිව්වම මතක්වෙන්නේ කවුද..?
අනූ කනූ අක්කා නගෝ දෙන්නා නේද..? මේ දවස්වල කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ අක්කා නගෝ දෙන්නා ගැන ආයෙත් කාලෙකට පස්සේ ඇසෙන කතා අලුත් වෙලා.. හැමදාමත් එකටම රංගනයේ යෙදෙන අනූ කනූ දෙන්නාගෙන් අද ඇසෙන්නේ වෙනස් කතාවක්. අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර, මේ කියන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක්. ඇය මේ දවස්වල අතිශ්‍යය ජනප්‍රිය වෙලා තියෙන්නේ අලුත්ම චිත්‍රපටයක් නිසා කිව්වොත් හරි. හැමදාම එකටම රංගනයෙන් දායක වෙන මේ දෙන්නා, ඇයි එකපාරටම තනිවම වැඩක් බාරගත්තේ. ඒ ඇසෙන කතාවත් එක්කම තමන්ට ලැබුණු මේ විශේෂ අවස්ථාව ගැන අනූ කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
රඟපාන්න හරි ආසාවෙන් ඉන්න චරිතයක් එහෙම අනුෂ්කිට තියෙනවද?
මං ආසයි දමිළ තරුණියකගේ චරිතයක් කරලා බලන්න. ඒක මට තියෙන ලොකු ආසාවක්. ඉදිරියේදීත් ඒ අවස්ථාව මට උදාවෙයි කියන විශ්වාසය හිතේ තියෙනවා.
මං නිවැරැදි නම් තවම ඔබ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන කෙනෙක්?
ඔව්, මං මේ වෙනකොටත් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනගන්න ගමන් ඉන්නේ. ඉන්දියානු හා ආසියානු අධ්‍යයන අංශයේ භරත නාට්‍යම් සම්ප්‍රදාය තමයි ඉගෙන ගන්නේ.
අනුෂ්කිගේ පවුලේ වෙන ඉන්නේ කවුද?
අම්මයි අක්කලා හතරයි නිවුන් සහෝදරියයි.

ආදරය ගැන අනුෂ්කි මොකද හිතන්නේ?
මම හිතන්නේ ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. අපි හැම කෙනෙක්ම කැමැතියි තමන්ට ආදරේ ලැබෙනවට. මගේ පවුලෙන් සහ මමත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මට ආදරේ නොඅඩුව ලැබෙනවා.
නොකියා කියන්නේ පෙම්වතියක් නෙවෙයි කියලා නේද?
ඔව් තවම පෙම්වතියක් නෙවෙයි.
අවසාන වශයෙන් අලුත් අවුරුද්දේ අලුත්ම බලාපොරොත්තු ගැනත් කියමුද?
රංගන ශිල්පිනියක් විදිහට තව තවත් ඉහළට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මේ වසරේ මං රඟපෑ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම තව අලුත් සිනමා නිර්මාණයක වැඩකටයුතු සිදුකරගෙන යනවා.

Source – Hiru Gossip



