Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සිරකරුවන් 285කට අනුර නිදහස් දා සමාව දීලා..

 

නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇත.

මෙයින් 06 දෙනකු කාන්තාවන් වේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ.

සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් හෙට දින වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් ඒනම් 33 දෙනකු නිදහස ලබන්නේ වාරියපොළ බන්ධනාගාරයෙන් බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා පැවසීය.

මෙරට බන්ධනාගාර ආයතන 29 කින් මෙම සිරකරුවන් සහ සිරකාරියන් 285 දෙනා හෙටනිදහස් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!