ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට අවස්ථාවක්

ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට අවස්ථාවක්

පවතින ආපදා තත්ත්වය සමග රුධිර හිඟයක් මතුවී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (නොවැ. 29) ඔහු මේ බව සඳහන් කළේ ය.

අධ්‍යක්ෂකවරයා පැවසුවේ, සාමාන්‍යයෙන් දිනකට රුධිර ඒකක 1400- 1500 ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන බව ත් පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු පැවැත්වීම ගැටලුවක් වී ඇති බව ත් ය.

“පවතින අයහපත් කාලගුණය නිසා ලංකාවේ බොහෝ රුධිර මධ්‍යස්ථානවලට රුධිරය සපයා ගැනීම සඳහා ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීමේ අපහසුතාවයක් මතුවී තිබෙනවා. ජාතික රුධිර පාරවිලයන සේවයේ රුධිරය පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා දවසකට රුධිර ඒකක 1400ත් 1500 අතර ප්‍රමාණයක් අවශ්‍යයි. එමගින් 85%ක ප්‍රමාණයක් රුධිර කඳවුරුවලින් ලැබෙන්නේ. දැනට බොහෝ ප්‍රදේශවල ගංවතුර, නාය යෑමට ලක්වෙලා නිසා රුධිර කඳවුරු සංවිධානය කිරීම ගැටලුවක් වෙලා තිබෙනවා.”

මේ වෙනකොට අවශ්‍ය රුධිර ප්‍රමාණය සපුරා ගන්න නොහැකි වී ඇති බව ත් ඒ හේතුවෙන් රුධිර සංචිත පවත්වා ගැනීමේ අර්බුදයක් ඇති විය හැකි බව ත් අධ්‍යක්ෂකවරයා පැවසීය.

අධ්‍යක්ෂකවරයා පැවසුවේ, මේ හේතුවෙන් රුධිර මධ්‍යස්ථාන වෙත ගොස් රුධිර දායකත්වය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ය.

ඊයේ දිනයේදී අපි බලාපොරොත්තු වුණා ජාතික රුධිර පද්ධතියට රුධිර ඒකක 1800ක එකතු කරගන්න. නමුත් අපිට රුධිර ඒකක 231ක් පමණයි එකතු කරගන්න පුළුවන් වුණේ. “

“අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රටේ ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන වෙත ගොස් රුධිරය ලබා දෙන්න. උදාහරණ ලෙසින් යාපනය, අනුරාධපුර, කුරුණෑගල, රාගම, නාරාහේන්පිට, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට, මහරගම අපේක්‍ෂා රෝහල, කොළඹ ශික්ෂණ රෝහල යන රුධිර මධ්‍යස්ථාන උදේ අටේ සිට හවස හතර දක්වා රුධිර පරිත්‍යාග කරන්නන්ට රුධික පරිත්‍යාග කිරීමට හැකියි.”

“රුධිරය පරිත්‍යාග කරන්නන් වෙනුවෙන් නාරාහේන්පිට ප්‍රධාන මධ්‍යස්ථානය පෙරවරු 8 සිට සවස 6.30 දක්වා විවෘතව කරලා තියෙනවා”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *