මිය ගිය සංඛ්‍යාව 334ක් දක්වා ඉහළට: 370ක් අතුරුදන්

මිය ගිය සංඛ්‍යාව 334ක් දක්වා ඉහළට: 370ක් අතුරුදන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 334 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයන් 370 දෙනෙකු අතුරුදන් වී බව ය.

මේ වන විට පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙකු විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 55,747කට අදාළව පුද්ගලයින් 196,790 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 1,494ක රැඳී සිටින බව ය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *