දේශීය පුවත්

අත්අඩංගුවට ගත් වෙලාවේ ශාන් පුතා කර කර හිටපු දේ මෙන්න…

ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් තරුණ පරපුරේ ජනප්‍රිය රැප් ගායකයා, ඔහුගේ කළමනාකරු සහ පොලිස් කොස්තාපල්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිසිය ප්‍රකාශ කළා.
මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගැනුණේ මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ උණ්ඩ 10 ක් සමගයි. පොලිසිය පැමිණෙන විටත් ඔහු යම් මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බවයි පොලිසිය සදහන් කළේ.

සැකකාර රැප් ගායකයාට මෙම ගිනි අවිය ලබා දුන් බවට අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කර සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

එම පොලිස් කොස්තාපල්වරයා මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සහ උණ්ඩ පොලිසියෙන් සොරාගෙන රැප් ගායකයාට ලබා දී තිබෙනවා.

එම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් සහ උණ්ඩ 10 ක් සහිත මැගසිනයක් අස්ථාන ගත වී තිබුනේ පසුගිය 06 වනදා සිටයි.

ඔහු මන්නාරම පොලිස් ස්ථානයට ස්ථානමාරුවක් ලබා ගොස් තිබුණේ එම සිද්ධියෙන් දින 02 කට පසුවයි. සී.සී.ටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයා ගිනිඅවිය ඉනෙහි සගවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුවයි අදාළ විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!