Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජනතාව බලාපොරොත්තු වුණ වෙනස අපි ගමටම ගෙනාවා…! – නිලන්ති කොට්ටහච්චි

ජනතාව බලාපොරොත්තු වූ ජාතික දේශපාලනයේ වෙනස මේ වන විට ජාතික ජන බලවේගය විසින් ගම්මට්ටමට රැගෙනවිත් ඇති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“මේ මොහොත වෙනකොට දිවයින පුරා ජාතික ජන බලවේගය විදියට පළාත් පාලන ආයතන ගණනාවක බලය තහවුරු කරගනිමින් සභා පිහිටුවමින් දැන් අපි පළාත් පාලන කටයුතු අරඹා තිබෙනවා.

ජනතාව බලාපොරොත්තු වෙච්ච ජාතික දේශපාලනයේ වෙනස අපි ගම කරා, නගරය කරා, බිම කරා අපි දැන් රැගෙනවිත් තියෙනවා. මටත් මග පෙන්වන්න පුළුවන් කණ්ඩායමක් තමයි මෙතන ඉන්නෙ. අපි හැමෝටම කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අපි දැන් කල්පනා කරලා බලමු.”

නිලන්ති කොට්ටහච්චි මේ බව පැවසුවේ පානදුර නගරාධිපති හේමකුමාර පෙරේරා එම ධුරයේ වැඩ භාරගත් අවස්ථාවට එක්වෙමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!