තරු ගොසිප්

සනම් තේරී කසම් ආදර කතාවේ ඉන්දර් හදිසියේම ලංකාවට ඇවිත්…

ඉන්දර්’ ලංකාවට ඇවිත්

ඉන්දීය සිනමාවට ආදරේ කරන කවුරුත් ඉන්දර් – සරූ පෙම්වත් යුවළට හදවතින්ම ළෙංගතු වනවාට සැක නෑ.
ඒ ආදර කතාව මතක් වෙද්දිත්, ඇස් බරවෙන පිරිස් ඕනෑ තරම්.

‘Sanam Teri Kasam’ ආදර කතාව එහෙම වෙද්දි, තිරයේ ඉන්දර්ට පෙම්කළ යුවතියන් සෑහෙන්න.
‘Harshvardhan Rane’ ඉන්දර්ගේ චරිතයට ජීවය එක්කාසු කළේ ඔහුයි.

ඉන්දීය සිනමාවේ නිතර ඇහැ ගැටෙන චරිතයක් නොවුණට, හර්ෂවර්ධන් සෑහෙන පිරිසකගේ ආදරේ දිනාගත්තෙ ඉන්දර් නිසා බව පිළිගන්න ම වෙනවා.

ඉතින් තිරයේ සොඳුරු පෙම්වතා ඉන්දර්, ඔන්න ලංකාවට ඇවිත්.
ඒ ආව ගමනෙදි, මෙරට අපූරු සේයා රූ කිහිපයක් සිය කැමරා කාචයේ සටහන් කරගන්නත් හර්ෂවර්ධන් අමතක කරලා නෑ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!