දේශීය පුවත්

මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් එයාගේ ළග ඉන්න ලකලෑස්ති වෙන මේ සුරූපි නිළිය කවුද ? මෙන්න විස්තරය.

යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ.

පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද?

“රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා කෙරෙහි මගේ විශ්වාසය තවමත් නොවෙනස්ව පවතිනවා. එතුමාගේ අවසන් හුස්ම තෙක් මම එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ මේ රට බේරා ගැනීම නිසායි.

අද එතුමාට විවිධ විවේචන එල්ල වුවත්, එදා එතුමා ගත් තීරණ නොගත්තා නම්, පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් යුද්ධය විකුණුවා නම්, අප අද ජීවතුන් අතර නොසිටිනු ඇති. මෙරට කාට අයිති වන්නේද යන්න ගැන සැක සහිත වනු ඇති.

රටේ ත්රස්තවාදය නතර කරන්න දේශපාලන නායකත්වය දීලා පෙරගමන් ගේ නායකයා අද සුව විශ්රාම ජීවිතයක් දෙන්නෙ නැතුව එයාගේ අනුගාමිකයන් ඒ නම එතුමාව විකුණන් කනවා කියලා ඔබට හිතෙන්නේ.?

“කෙලින්ම කියනවා නම්, මම විශ්වාස කරන්නේ, කවුරු කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ යන නාමය හැම කෙනෙකුගේම හදවතේ කොනක ජීවත්වන බවයි. මම අවුරුදු ගණනාවක් දේශපාලන වේදිකාවේ යම් චරිතයක් වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ. මා හෝ මාගේ පවුලේ කිසිවෙකු එවැනි දේ සඳහා පෙනී සිට නැහැ. මේ අවසාන මොහොතේ, කවුරුත් එතුමා වෙනුවෙන් නොසිටින විට මම වේදිකාවට ගියා. මගේ පවුලේ සියල්ලෝම මඳක් අකමැති වුණා, මේ වෙලාව නොවේ කියලා. නමුත් මට යා යුතුම වුණා.මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා.මට රුපියලක්වත් ලැබී නැහැ. නමුත් එතුමාගේ කෘතගුණ සැලකීම, මානුෂීය බව මගේ හදවතින් ඉවත් කළ නොහැකියි.”

Asian Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!