
ලංකාවේ කලා ලෝකයේ ඉන්න ආදරණීයම වගේම නිතරම සමාජ මාධ්‍ය කළඹන යුවළක් තමයි සංගීත් සහ දිනිති වල්ගමගේ කියලා කියන්නේ.
විශේෂයෙන්ම දිනිති කියන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් වගේම රූප සෝභාවෙන් රසික හදවත් අමන්දානන්දයට පත් කරන රංගන ශිල්පිනියක්. නිතරම නවීන විලාසිතාවලින් රසිකයින් හමුවට එන දිනිති, මෙවර ඇයගේ මුහුණු පොතට අමුතුම විදිහේ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
සැබවින්ම දිනිති වල්ගමගේ කියන්නේ ඕනෑම විලාසිතාවක් ඉතාමත් ආකර්ෂණීය ලෙස කරන්න පුළුවන් දක්ෂ කලාකාරිනියක් බව මේ ඡායාරූප පෙළ නැවතත් ඔප්පු කරලා තිබෙනවා.
ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව.








