දේශීය පුවත්

ගෑනියි -මිනිහයි දෙන්නා හිලව්වට හොර මඟුලෙ ගිහින්…

අනියම් ඇසුරක් පවත්වන විවාහක සැමියාට තම බිරිඳගෙන් එය නතර කරන ලෙසට අපූරු අවවාදයක් දීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. විවාහක යුවළට දාව දරුවන් දෙදෙනකු සිටින අතර විවාහ වු ඔවුන්ට ද දරු මල්ලෝ සිටිති. මේ සඳහා පමණක් නිවසේ  එකට වාසය කරන අතර සැමියා විවාහක වෙනත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වන බව බිරිඳට මෙන්ම පවුලේ අයට ද රහසක් නොවීය. මෙය නවත්වන ලෙසට බිරිද හා තම දරුවත් කොතෙක් ආයාචනා කළත් ඔහු එයට අවනත  වන බවක් දක්නට නොවීය. මේ නිසා තම බිරිඳ දරුවන් හා පවුලේ  වැඩිහිටියන් කැඳවා සැමියා කරන මේ අකටයුත්ත ප්‍රසිද්ධියේ විභාග කරන්නට ගත් එහිදී හෝ ඔහු එය තතර කරාවි, යන  සිතුවිල්ල පෙරදැරි කරගෙනය. සිද්ධිය විභාග වන අතරවාරයේ සැමියා කට හඬ අවදි කළේය.

මම අද මෙහෙම අනියම් ඇසුරක් පවත්වන්නේ මගෙි දරුවන් විවාහක නිසයි. දරුවත් කුඩා කාලයේදීම මගේ බිරිද පවුලේම කෙනෙකු සමග අනියම් ඇසුරක් පැවැත්වීම වරදක් නොවේ විදැයි ඔහු ප්‍රශ්න  කළේය. එම පැනයට තම බිරිඳ පිළිතුරු දුන්න මෙලසිනි.

මම ඒ කාලේ  අනියම්  ඇසුරක් පවත්වද්දී තමුසෙත් අල්ලපු ගමක කාන්තාවක  එක්ක සම්බන්ධතාවක් පැවැත්තුවා නේද? ඉතිං මං කරපු වරදට ඒ වරද කැපුණා. එතැනින් ඒවා ඉවරයිනේ. ඒ නිසා මං දැන් වරදේ බැඳෙන්නේ නැහැනේ. ඒ හින්දා ඔයත් දැත් ඒ වැරදි කරත්ත ඒපා. ඔයාගේ වැරැද්දට මාගේ වැරැද්ද හිලව්. එසේ නො කරන බවට නම් දරු මුණුපුරත් හා පවුල් අය ඉදිරිය් පොරොන්දු වන්න කියා ඇය සැමියාගෙන්  ඉල්ලීමක් කළාය.

මව්පියන්ගේ අපිට අසන්නට ලැබෙත දේවල් කියා දරුවත් එහිදී පවසා නික්ම යන අවස්ථාවේ දී තම පියා ද සිතා සී ඒ දෙස බලා නිහඬව සිටියා හැරෙන්නට තම අම්මාගේ ආයාචනයට කිසිදු පිළිතුරක් නම් දී නැතිලු.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!